ශ්රී ලංකාව ආසන්නයේ පවතින ජාත්යන්තර මුහුදු තීරයේ අතරමං වී ඇති ඉරාන නෞකාවලට සහය ලබා දීම හේතුවෙන් ශ්රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවෙනු ඇතැයි පැතිර යන වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්යාංශය සිය ස්ථාවරය ප්රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක සහ අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්රිගෝ මහතා පෙන්වා දෙන්නේ, ඇමරිකාව විසින් ක්රියාත්මක කරනු ලබන මෙම ද්විතීයික සම්බාධක (Secondary Sanctions) ශ්රී ලංකාවට පමණක් විශේෂයෙන් පනවන ලද ඒවා නොවන බවයි.
මෙය ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පුරා පොදුවේ ක්රියාත්මක කරනු ලබන ගෝලීය ප්රතිපත්තියක් බවත්, ශ්රී ලංකාව ඉලක්ක කර ගනිමින් කිසිදු විශේෂ සම්බාධකයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පවතින ඉරාන තෙල් ප්රවාහන නෞකාවලට අත්යවශ්ය සේවා සැපයුවහොත් සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවූ බවට විදෙස් මාධ්ය වාර්තා කර තිබුණි. එම වාර්තා සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්යාංශය මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර