පාකිස්තානයේ ලාහෝර් නගරය ඕසෝන් මට්ටම අතිශයින් දුර්වල නගර ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික වායුගෝලීය අධීක්ෂණ සේවය පවසයි. මෙම දත්ත මගින් දේශගුණික විපර්යාස සහ වායු දූෂණය අතර පවතින දැඩි සම්බන්ධතාවය යළිත් වරක් තහවුරු වී ඇත.
මෙම වසරේ ලොව පුරා වාර්තා වූ තාප තරංග සහ ලැව්ගිනි හේතුවෙන් කාබන් විමෝචනය ඉහළ ගොස් තිබේ. මෙහි ප්රතිඵලයක් ලෙස ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අතිශයින් ඉහළ ඕසෝන් දූෂණ මට්ටමකට නිරාවරණය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
වාහන සහ කර්මාන්තශාලා වලින් නිකුත් වන විමෝචනයන්, ලැව්ගිනිවලින් පිටවන වායුන් සමග එක්ව හිරු එළිය සහ තාපය සමග ප්රතික්රියා කිරීමෙන් මෙම ඕසෝන් දූෂණය නිර්මාණය වේ.
මෙවැනි තත්ත්වයක් මිනිස් සෞඛ්යයට මෙන්ම පරිසර පද්ධතිවලට සහ කෘෂිකාර්මික භෝග අස්වැන්නට ඉතා අහිතකර බලපෑම් එල්ල කරන බව විශේෂඥයින් අනතුරු අඟවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර