චීනය තුළ පවතින උපත් අනුපාතයෙහි කැපී පෙනෙන පහත වැටීමක් හේතුවෙන්, සිසුන් නොමැති වීම නිසා වසා දැමීමට සිදුවූ පාසල් ගොඩනැගිලි වැඩිහිටි සත්කාර මධ්යස්ථාන බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
නවතම දත්ත වාර්තාවලට අනුව, පසුගිය වසරේදී චීනයේ පෙරපාසල් සහ ප්රාථමික ශ්රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම 10%ක අගයකින් පහත වැටී තිබේ. මෙම තත්ත්වය මත රට පුරා පවතින අධ්යාපන ආයතන සංඛ්යාව 6%කින් පමණ අඩු වී ඇති අතර, එය ආයතන හාරලක්ෂ හතලිස් එක්දහසකට ආසන්න සංඛ්යාවකි.
තරුණ ජනගහනය අඩුවීම සහ උපත් අනුපාතය පහත වැටීම නිසා පාසල් විශාල ප්රමාණයක් අක්රීය වී ඇති අතර, එම හිස් වූ ගොඩනැගිලි සමාජයේ වැඩිහිටි ප්රජාවගේ අවශ්යතා වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර ඇත.
2025 වසරේදී චීනයෙන් වාර්තා වූ උපත් සංඛ්යාව මිලියන 7.92ක් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව 17%ක පහත වැටීමකි. මෙම ජන විකාශන වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී වැඩිහිටි සත්කාර සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර