යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ ශ්රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මගින් සිදුකළ නිරීක්ෂණ මෙහෙයුමකදීය. අදාළ ධීවරයින් ජාත්යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු කලාපයට ඇතුළු වී සිටි බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන් භාවිත කළ ධීවර යාත්රාව මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් තිබේ.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර