ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 02 වන දින මෙම වැඩමුළුව පැවැත්විණි. ආපදාවකින් පසු යළි ගොඩනැගීමේ ක්රියාවලියේදී අදාළ ආයතනවලට වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම සඳහා මෙම නව මාර්ගෝපදේශය සකස් කර ඇත.
මෙම මාර්ගෝපදේශය මගින් දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ඉඩම් පරිහරණ සැලසුම්කරණය, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් සහ ප්රජා සහභාගීත්වය වැනි ප්රධාන අංශ රැසක් ආවරණය කරයි. ආපදා කළමනාකරණයේදී ඇතිවිය හැකි අවදානම් කළමනාකරණය සහ ජීවනෝපාය සුරක්ෂිත කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
සම්බන්ධිත ආයතනවල නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ලබාගනිමින් මෙම කෙටුම්පත අවසන් කිරීම වැඩමුළුවේ මූලික අරමුණ විය. ඒ අනුව, සහභාගී වූවන් කණ්ඩායම් වශයෙන් බෙදී මාර්ගෝපදේශයේ ප්රායෝගික අදාළත්වය සහ වැඩිදියුණු කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.
ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය (UNDRR) ඇතුළු ජාත්යන්තර ආයතනවල සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම සාකච්ඡාවලින් ලැබුණු ප්රතිපෝෂණ මාර්ගෝපදේශයේ අවසන් සංස්කරණය සකස් කිරීම සඳහා භාවිත කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර