ලෝක වාසස්ථාන දිනයට සමගාමීව රජය විසින් ක්රියාත්මක කරනු ලබන ‘තමන්ගේම ඉඩක් – අලංකාර ජීවිතයක්’ යන තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද නිවාස පද්ධතියේ පළමු නිවස නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේදී නිල වශයෙන් ප්රදානය කෙරිණි.
හටන් රුවන්පුර ප්රදේශයේ පදිංචි කේ. ප්රියන්ත මහතා වෙත මෙම නව නිවස ලබා දීම සිදු වූයේ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ක්රිෂ්ණන් කලාචෙල්වි මහත්මියගේ ප්රධානත්වයෙනි.
මෙම වැඩසටහනට සමගාමීව හටන් පන්මූර්, දික්ඔය සහ මස්කෙළිය යන ප්රදේශවල ඉදිකරන ලද තවත් නව නිවාස හතරක් සුදුසුකම් ලත් අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙහිදී පවරා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා හටන්-දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න, අඹගමුව ප්රාදේශීය සභා මන්ත්රී ජයන්ත බණ්ඩාර සහ හටන්-දික්ඔය නගර සභා මන්ත්රී කුමුදුනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර