නව ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එම සේවයේ III වන ශ්රේණිය සඳහා සුදුසුකම් ලැබූ නව නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, දේශපාලන හෝ වෙනත් බාහිර බලපෑම්වලින් තොරව, විභාග ප්රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් මත පමණක් පදනම්ව මෙම බඳවා ගැනීම් සිදු කළ බවයි. ග්රාමීය මට්ටමේ පවතින නිලධාරී හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙම පත්වීම්වල අරමුණයි.
මෙම බඳවා ගැනීමේ ක්රියාවලිය සඳහා අයදුම්කරුවන් 79,000කට අධික පිරිසක් අයදුම් කර තිබූ අතර, ලිඛිත විභාගය සහ විනිවිද පෙනෙන සම්මුඛ පරීක්ෂණ මාලාවකින් පසු ඉහළම කුසලතා දැක්වූවන් තෝරා ගැනිණි. ලබන වසරේදී තවත් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමට නියමිත බවද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
පත්වීම් ලැබූ නිලධාරීන් ලබන ඔක්තෝබර් 12 වන දින සිට මාස තුනක පුහුණු කාලසීමාවක් සඳහා යොමු කෙරෙනු ඇත. ඉන් අනතුරුව ඔවුන් දිවයින පුරා පවතින පුරප්පාඩු සහිත ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අනුයුක්ත කිරීමට පියවර ගනු ඇත.
ග්රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බවත්, ඒ යටතේ නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දැමීම ඇතුළු සුබසාධන කටයුතු රැසක් සිදු කර ඇති බවත් අමාත්යවරයා මෙහිදී සිහිපත් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර