මාස අටකට පෙර වයස් සත්යාපන නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ අරමුණින් ඔස්ට්රේලියානු වෙළඳපොළෙන් ඉවත් වූ ලොව ප්රධානතම වැඩිහිටි වෙබ් අඩවියක් වන Pornhub, යළිත් එම රටේ පරිශීලකයින් සඳහා සේවාව ආරම්භ කර ඇත. මෙම පියවර ගෙන ඇත්තේ එහි මාතෘ සමාගම වන Aylo සමාගම විසිනි.
මෙම නව පහසුකම යටතේ Apple උපාංග භාවිතා කරන වැඩිහිටියන්ට පමණක් වෙබ් අඩවියට පිවිසීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව, Apple සමාගමේ නිල වයස් සත්යාපන ක්රියාවලිය හරහා තම වයස තහවුරු කර ගන්නා පරිශීලකයින්ට පමණක් මෙම සේවාව ලබා ගත හැකි බව සමාගම නිවේදනය කරයි.
උපාංග මට්ටමින් වයස තහවුරු කිරීම මගින් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත සුරක්ෂිත වන බවත්, විවිධ වෙබ් අඩවි වෙත පෞද්ගලික තොරතුරු ලබා දීමේ අවශ්යතාවක් නොමැති බවත් Aylo සමාගමේ සන්නාම සහ ප්රජා උප සභාපති ඇලෙක්ස් කේකේසි මහත්මිය පෙන්වා දෙයි. එමගින් VPN භාවිතයෙන් වයස් සීමා මඟහැරීමේ ප්රවණතාවද අවම වනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සේවාව ලබා ගැනීම සඳහා පරිශීලකයින්ට තම විදේශ ගමන් බලපත්රය, රියදුරු බලපත්රය, රජයේ නිල හැඳුනුම්පත හෝ ණය පතක් භාවිතයෙන් තමන් වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කිරීමට සිදුවේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර