වතු යටිතල පහසුකම් අමාත්යාංශය විසින් ක්රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන යටතේ මෙරට දෙවන රතු තැඹිලි ගම්මානය බදුල්ල දිස්ත්රික්කයේ රිදීමාලියැද්ද, දෙහිගම ප්රදේශයේදී පසුගියදා ස්ථාපිත කරන ලදී. වසර තුනක් තුළ රට පුරා රතු තැඹිලි ගම්මාන 250ක් බිහි කිරීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණයි.
මෙම උත්සවයේදී ප්රදේශයේ ගොවීන් වෙත රතු තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදු විය. මීට අමතරව, ‘ප්රජා ශක්ති’ වැඩසටහන යටතේ පවුල් 250ක් සඳහා පොල් පැළ 500ක් ලබා දීමටත්, පොල් ඉඩම් ප්රතිසංස්කරණ වැඩසටහන යටතේ ප්රතිලාභීන් වෙත චෙක්පත් ප්රදානය කිරීමටත් කටයුතු යොදා තිබුණි.
2030 වසර වන විට වාර්ෂික රතු තැඹිලි අස්වැන්න මිලියන 25කින් වැඩිකර ගැනීම සහ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා ඉහළ නැංවීම මෙම ව්යාපෘතියේ ප්රධාන ඉලක්කයයි. ඒ සඳහා 2026 සිට 2028 දක්වා කාලය තුළ නව පැළ ලක්ෂ දෙකකට අධික ප්රමාණයක් සිටුවීමට සහ පවතින වගාවන් ප්රතිසංස්කරණය කිරීමට අමාත්යාංශය සැලසුම් කර ඇත.
වගාවන්හි ගුණාත්මකභාවය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් අක්කර 500ක භූමි ප්රමාණයක නව වාරිමාර්ග පද්ධති ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබේ. තවද, ගොවීන්, එකතු කරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරමින් සමස්ත නිෂ්පාදන දාමයම විධිමත් කිරීම සඳහා නව දත්ත පද්ධතියක් හඳුන්වා දීමටද නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර