ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දෙරටේ ආර්ථික තත්ත්වයන්, ගෝලීය මූල්ය පද්ධතීන්හි වත්මන් ප්රවණතා සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව පුළුල් ලෙස කරුණු සාකච්ඡා කර ඇත.
මෙම හමුව සම්බන්ධයෙන් සිය නිල එක්ස් (X) ගිණුම හරහා අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, මහ බැංකු අධිපතිවරයා හමුවී ආර්ථික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර