නිකවැරටියේ පැවති ‘අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි’ ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළේය. රටේ අනාගතය වෙනුවෙන් හඳුනාගත් ප්රධාන කුළුණු පහක් ඔස්සේ ජාතික ආර්ථිකය සහ සමාජය ශක්තිමත් කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වත්මන් රජය දේශපාලන ඉතිහාසයේ අදූෂිතම බලවේගය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ නීතිය සැමට සමානව ක්රියාත්මක වන බවත්, නීතියට ළඟා විය නොහැකි කිසිදු පුද්ගලයෙකු හෝ ස්ථානයක් නොමැති බවත් වැඩිදුරටත් පැවසීය.
වංචා සහ දූෂණ සිදුකර විමර්ශනවලින් බේරීම සඳහා විදෙස්ගත වී සිටින පුද්ගලයින් ජාත්යන්තර සහයෝගය ඇතිව නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්රික්කය කේන්ද්ර කරගනිමින් පැවති මෙම ජන රැලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, රජයේ මැති ඇමතිවරුන් සහ විශාල ජනතාවක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර