2026 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය (66) විෂය සඳහා ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි සිසුන්ගේ ප්රායෝගික පරීක්ෂණ පැවැත්වීමට දින වකවානු නියම කර ඇත.
ඒ අනුව, මෙම ප්රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 17 වන දින සිට 21 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්යස්ථාන 67කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් සඳහා වන විභාග ප්රවේශ පත්ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර ඔවුන් විසින් අයදුම්පතේ සඳහන් කර තිබූ ලිපිනයන් වෙත තැපැල් මගින් යවා ඇත.
යම් හෙයකින් ප්රවේශ පත්ර නොලැබුණු අපේක්ෂකයින් වෙතොත්, ඔක්තෝබර් 14 වන දින සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්රවේශ පත්ර බාගත කර ගැනීමේ පහසුකම සලසා දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර