ආපදා අවදානම් කළමනාකරණය සහ ඒ සඳහා තරුණ පරපුරේ මැදිහත්වීම ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ‘අත්දැකීම්වල සිට සූදානම දක්වා’ තරුණ සංවාදය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මෙහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමය සහ සේව් ද චිල්ඩ්රන් (Save the Children) ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ රාජ්ය අමාත්යවරයා අවධාරණය කළේ ආපදා සූදානම ශක්තිමත් කිරීම, පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ඔරොත්තු දෙන ප්රජාවක් ගොඩනැගීම අත්යවශ්ය බවයි.
මෙම වැඩසටහන මගින් තරුණ පර්යේෂකයන් සහ ස්වේච්ඡා සේවකයන් ආපදා කළමනාකරණය සඳහා දක්වන දායකත්වය ඇගයීමට ලක් කෙරිණි. විශේෂයෙන්ම ආපදා අවස්ථාවලදී පූර්ව අනතුරු ඇඟවීම්, මහජන දැනුවත් කිරීම් සහ ප්රජා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා තරුණ පරපුරේ ක්රියාකාරී සහභාගීත්වය වැදගත් බව අවධාරණය කෙරිණි.
ආපදා අවදානම් අවම කිරීම සඳහා තරුණ පරපුරට අවශ්ය පුහුණුව ලබාදීම සහ අධ්යාපන ක්ෂේත්රයේ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්ය නිලධාරීන්, පර්යේෂකයන් සහ තරුණ ස්වේච්ඡා සේවකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර