සමාජ මාධ්ය ඔස්සේ මේ දිනවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන පහරදීමේ සිදුවීම පාගමනකට සම්බන්ධ එකක් බවට පළවන වාර්තා අසත්ය බව පොලිසිය පවසයි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සිදුවීම රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සහ ලොරි රථයක ගමන් ගත් පුද්ගලයෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් බවයි. එම ආරවුල දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.
පහරදීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා මේ වන විට ගම්පහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. තමන් පාගමනට සම්බන්ධ අයෙකු නොවන බව පහරකෑමට ලක්වූ පුද්ගලයා ද පොලිසිය හමුවේ ප්රකාශ කර ඇත.
මහජන නොසන්සුන්තාව ඇති වන පරිදි මෙවැනි අසත්ය තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීම සම්බන්ධයෙන් වීරගුල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර