ක්රිෂ් ගනුදෙනුවට අදාළව ගොනු කර ඇති නඩුව අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ජානකී සිරිවර්ධන මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය. නාමල් රාජපක්ෂ මහතාගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන තීන්දුව ලබන 23 වනදා ප්රකාශයට පත් කරන බව ප්රධාන මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ නඩු කටයුත්ත සඳහා නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර