කිරිඳිවැල පොලිස් වසමේ, හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමා ශාලාවක් පරීක්ෂා කිරීමේදී විශාල ගිනි අවි තොගයක් සහ අත්බෝම්බ සොයා ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකි වී තිබේ.
ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, මිල්ලතේ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන ඇත.
සිනමා ශාලාව තුළ සඟවා තිබී විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවෝල්වරයක්, රීපීටර් අවියක් සහ බොර 12 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇත. මීට අමතරව, විවිධ වර්ගයේ ජීව පතොරොම් 3,700කට අධික ප්රමාණයක් සහ ජීව අත්බෝම්බ 02ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර