ප්රංශය පුරා පසුගිය සති අන්තයේ හටගත් ප්රචණ්ඩකාරී විරෝධතා සහ කොල්ලකෑම් හමුවේ එරට ආරක්ෂක අංශ දැඩි පියවර ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව පැරිස් නගරයේ මධ්යම ප්රදේශයට රාත්රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, විරෝධතාකරුවන් වැඩි වශයෙන් ගැවසෙන ප්ලේස් ඩී ලා රිපබ්ලික් සහ ලෙ හාලේ සාප්පු සංකීර්ණ ආශ්රිත ප්රදේශවල රාත්රී 11 සිට පසුදින උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක වේ. මීට අමතරව නගර මධ්යයේ අනවශ්ය ලෙස පුද්ගලයන් එක්රැස්වීම් ද තහනම් කර ඇත.
පැරිස් නගරයට අමතරව දකුණු දිග ප්රංශයේ මාර්සෙයිල්, බොඩෝ, නීස් සහ ලියෝන් වැනි ප්රධාන නගරවල ද ගමන් බිමන් සහ පුද්ගල එක්රැස්වීම් සීමා කරමින් අර්ධ ඇඳිරි නීතියක් පනවා තිබේ. උතුරු දිග ප්රංශයේ ලිල් නගරය ඇතුළු තවත් ප්රදේශ කිහිපයක ද මෙවැනි සීමා කිරීම් ක්රියාත්මක කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීම සහ සාමය ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, ආරක්ෂක අංශ තවදුරටත් එම ප්රදේශවල සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර