පාකිස්තානයේ රාවල්පින්ඩි ක්රීඩාංගණයේ පැවති තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ තෙවන තරගයේදී, ප්රබල එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 2කින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූහ. මෙය එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවන විශාලතම සාර්ථක ඉලක්ක හඹා යාම ලෙස වාර්තා පොත් අතරට එක්විය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් ලබා ගත්තේය. එහිදී හැරී බෲක් පන්දු 116කින් ලකුණු 202ක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීය. ශ්රී ලංකා පන්දු යවන්නන් අතරින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 56කට කඩුලු 2ක් දවා ගත්තේය.
ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම ආරම්භයේදී යම් පසුබෑමකට ලක්වුවද, පවන් රත්නායක (130) සහ අවිෂ්ක ප්රනාන්දු (97) එක්ව ගොඩනැගූ සබඳතාව ජයග්රහණයට මග පෑදීය. පසුව පිටියට පිවිසි දසුන් ශානක ලකුණු 97ක් ලබා ගනිමින් ජයග්රහණය තවදුරටත් තහවුරු කළේය.
තරගයේ අවසන් පන්දුවාරවලදී ජනිත් ලියනගේ පන්දු 27කින් නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් ශ්රී ලංකාවට ජයග්රහණය හිමිකර දුන්නේය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5කදී කඩුලු 8ක් දැවී ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර