අම්පාර, ඉරක්කාමම් හතරවන කොටසේ පිහිටි හිදායා මාර්ගය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. 2015 වසරේදී ආරම්භ කර අතරමග නතර වී තිබූ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු, වත්මන් රජයේ මැදිහත්වීම මත යළි ආරම්භ කිරීම ප්රදේශවාසීන්ගේ පැසසුමට ලක්ව තිබේ.
දිගු කලක් තිස්සේ මෙම මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටියහ. මාර්ගය පුරා ඇතිව තිබූ වලවල් සහ අබලන් තත්ත්වය නිසා වාහන ගමනාගමනයට මෙන්ම පදිකයන්ටද එය බාධාවක්ව පැවතුණි.
ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්යාංශය හරහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය ආධාර මත මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 21.6ක මුදලක් වෙන් කර ඇත. මෙහිදී මාර්ගයේ මීටර් 440ක දුර ප්රමාණයක් කොන්ක්රීට් අතුරා නවීකරණය කිරීමට නියමිතය.
ඉරක්කාමම් ප්රදේශය සහ අමීර් අලි ගම්මානය යා කරන ප්රධාන මාර්ගයක් ලෙස මෙම හිදායා මාර්ගය වැදගත් වේ. මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම මගින් ප්රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර