මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධ රට තුළින් තුරන් කිරීම සඳහා අවශ්ය වන නව අණපනත් හඳුන්වා දීමට වත්මන් රජය කිසිසේත්ම මැලි නොවන බව නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා අවධාරණය කරයි.
මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති මත්ද්රව්ය නිවාරණ ජංගම වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්රියාත්මක කරනු ලබන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මත්ද්රව්ය භාවිතය ඉහළ අවදානමක් සහිත ප්රදේශ ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් මාලාව ක්රියාත්මක කෙරේ. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා ද මත්ද්රව්ය උවදුර පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
සමාජය තුළ ව්යාප්ත වී ඇති මත්ද්රව්ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය දැඩි තීරණ ගැනීමට සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්ය නීතිමය පසුබිම ශක්තිමත් කරන බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර