වසර 11ක කාලයකට පසු බ්රිතාන්ය ගුවන් සේවය (British Airways) ශ්රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර ඇත. ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සංචාරක ක්ෂේත්රයේ පෙන්නුම් කරන ප්රගතිය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ගුවන් සේවයේ දකුණු ආසියානු කලාපීය සාමාන්යාධිකාරී ඩේවිඩ් රයිට් මහතා පවසයි.
මෙම නව ගුවන් ගමන් සේවාව කොළඹ සහ ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපොළ අතර ශීත ඍතු කාලය පුරා ක්රියාත්මක වීමට නියමිතය. මීට පෙර මෙන් නොව, මෙවර මාලදිවයින හරහා ගමන් කිරීමකින් තොරව දෙරට අතර ඍජු ගුවන් ගමන් ලෙස මෙය සිදු කෙරේ.
සතියකට දින තුනක් බැගින් බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කෙරේ. මගී ප්රවාහනයට අමතරව භාණ්ඩ ප්රවාහනය සඳහාද පහසුකම් සලසා ඇති අතර, මේ සඳහා රුපියල් 255,000ක ආරම්භක විශේෂ වට්ටම් මිලක් හඳුන්වා දී ඇත.
මෙම ගුවන් සේවයේ ශ්රී ලංකාවේ ප්රධාන විකුණුම් නියෝජිතයා ලෙස හේලීස් ඇඩ්වාන්ටිස් (Hayleys Advantis) සමාගම කටයුතු කරයි. මෙම සේවාව ආරම්භ කිරීම මගින් ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටත්, යුරෝපා කලාපයට අපනයන භාණ්ඩ යැවීමටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර