කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්ර ඉඩම බදු දීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට මෝෂන් පත්රයක් ගොනු කර ඇත.
සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිත අවදානම් සැත්කමකට මුහුණ දීමට නියමිත බවත්, පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
මව්පියන් දෙදෙනාගේම සෞඛ්ය තත්ත්වය සහ ඔවුන්ට උපස්ථාන කිරීමට සිටින එකම පුද්ගලයා සැකකරු වීම යන කරුණු පදනම් කරගනිමින්, මානුෂීය පදනම මත ඇප ලබාදෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය. මීට අමතරව, නීතිය ක්රියාත්මක කිරීමේදී පවතින ද්විත්ව ප්රතිපත්තිය පිළිබඳව ද ඔහු මෙහිදී විවේචනාත්මක අදහස් පළ කළේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂිකා තනුජා බණ්ඩාර මහත්මිය සඳහන් කළේ, අදාළ මෝෂන් පත්රය පිළිබඳව කොමිසම දැනුවත් වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දැක්වීමට කාලය අවශ්ය බවත්ය.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය හෙට (28) දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය. සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් හෙට දිනයේදී ලබා දෙන බවද මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර