කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව ඉහළ නැංවීමට සහ මගීන්ට ලබාදෙන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අදාළ ව්යාපෘති කඩිනමින් නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති කාර්යාලයේදී පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු මෙන්ම ඊට සමගාමීව දිවයිනේ අනෙකුත් දේශීය ගුවන්තොටුපොළවල් ද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ගුවන්තොටුපොළ සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. ගුවන් මගීන්ට වැඩි ප්රතිලාභ ලැබෙන පරිදි ගුවන්තොටුපොළ පද්ධතිය වැඩිදියුණු කිරීම රජයේ ප්රමුඛතාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්යාංශවල ලේකම්වරුන් සහ රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර