අනාගත ලෝකයට ගැළපෙන ඩිජිටල් තාක්ෂණික කුසලතාවලින් හෙබි ගුරුභවතුන් බිහි කිරීමේ අරමුණින්, දිවයිනේ සියලුම ජාතික අධ්යාපන විද්යාපීඨ 20ක් සඳහා සුහුරු පන්ති කාමර සහ දුරස්ථ ඉගෙනුම් පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනේ මූලික පියවරක් ලෙස මහරගම සහ රුවන්පුර ජාතික අධ්යාපන විද්යාපීඨයන්හි ස්ථාපිත කළ ආදර්ශ සුහුරු පන්ති කාමර පසුගියදා විවෘත කෙරිණි. අග්රාමාත්ය සහ අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
චීන රජයේ ප්රදානයක් ලෙස සහ Huawei ආයතනයේ තාක්ෂණික සහයෝගය ඇතිව ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මගින් ගුරු අධ්යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඩිජිටල් තාක්ෂණය ඉගැන්වීම් ක්රියාවලියට ඵලදායීව යොදාගැනීම අපේක්ෂා කෙරේ.
මෙහිදී මහරගම ජාතික අධ්යාපන විද්යාපීඨය සඳහා සකස් කළ නව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ද අග්රාමාත්යවරිය අතින් එළිදක්වන ලදී. එමෙන්ම, විද්යාපීඨ කිහිපයක් සම්බන්ධ කරගනිමින් නව තාක්ෂණය ඔස්සේ ආදර්ශ ඉගැන්වීම් වැඩසටහනක් ද සාර්ථකව පවත්වන ලදී.
නිපුණතා සහ ආත්මවිශ්වාසයෙන් පිරිපුන් ගුරුවරුන් බිහිකිරීම තුළින් රටේ අනාගත අධ්යාපන ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදුකළ හැකි බව අග්රාමාත්යවරිය මෙහිදී අවධාරණය කළාය. මෙම අවස්ථාව සඳහා චීන තානාපති Wei Huaxiang මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ තාක්ෂණික ආයතන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර