බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් සිය 61 වැනි උපන්දිනය අද (02) සමරනු ලබන්නේ සිය නවතම සිනමා නිර්මාණය වන ‘King’ චිත්‍රපටයේ ප්‍රථම ගීතය ද ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරමිනි. මධ්‍යම රාත්රියේදී එළිදැක්වුණු මෙම ගීතය හරහා ෂාරුක් සහ දීපිකා පදුකෝන් යළිත් වරක් එකට රඟපානු දැකගැනීමට ලොව පුරා සිනමා රසිකයන්ට අවස්ථාව හිමිව ඇත.
‘Tu Mila Jaye’ ලෙස නම් කර ඇති මෙම ගීතය අරිජිත් සිංගේ මියුරු හඬින් හැඩවී ඇති අතර, ජාත්‍යන්තර ගායක එඩ් ෂීරාන්ගේ ඉංග්‍රීසි රැප් ගායනයක් ද ඊට එක්වීම විශේෂත්වයකි. ආදරය, නර්තනය සහ ක්‍රියාදාම දර්ශනවලින් අනූන මෙම ගීතය තුළ ෂාරුක් ඛාන් වෙනස්ම ආකාරයේ චරිතයකින් පෙනී සිටියි.
වෙරළ තීරයක් සහ කැෆේ අවන්හලක් ඇතුළු මනස්කාන්ත පසුබිම් රැසක රූගත කර ඇති මෙම වීඩියෝව තුළ ෂාරුක් සහ දීපිකාගේ ආදරබර දර්ශන මෙන්ම සුපිරි නළුවාගේ ක්‍රියාදාම ජවනිකා ද දැකගත හැකිය. සංගීත නිර්මාණයෙන් සචින්-ජිගාර් දායක වී ඇති අතර, ගී පද රචනය කුමාර් සහ එඩ් ෂීරාන්ගෙනි.
සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කරන ‘King’ චිත්‍රපටය රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ මාර්ෆ්ලික්ස් පික්චර්ස් නිෂ්පාදනයකි. මෙහි සුහානා ඛාන්, අභිෂේක් බච්චන් ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන අතර, චිත්‍රපටය 2026 දෙසැම්බර් 24 වැනිදා සිනමාහල් වෙත පැමිණීමට නියමිතය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර