බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීම සඳහා බන්ධනාගාර ආඥා පනත සංශෝධනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පියවර ගනිමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය, අධිකරණ සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවේදී බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා යෝජිත නීති සංශෝධන, විවෘත බන්ධනාගාර සහ රැකියා කඳවුරු ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම, සිරගත කිරීම් වෙනුවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
එමෙන්ම, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, එම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීම, ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම සහ අතිරේක සේවා කාලය වැඩි කිරීම මගින් වාර්තා ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.
හොඳ හැසිරීමක් සහිත සිරකරුවන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සහ කොන්දේසි මත නිදහස් කිරීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුව තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර