න්‍යෂ්ටික ප්‍රහාරයක් සිදුවිය හැකි අවස්ථාවකදී සහ ඉන් පසුව ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් විශේෂ උපදෙස් මාලාවක් ප්‍රසිද්ධ කර ඇත. මෙම පියවර මගින් මූලික පිපිරීමෙන් බේරී සිටීම සහ විකිරණශීලී දූෂණයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරයි.
ප්‍රධාන උපදෙස් අතර, පිපිරීමේදී ඇතිවන දැඩි ආලෝකය දෙස බැලීමෙන් වළකින ලෙසත්, වහාම ආරක්ෂිත ස්ථානයකට ගොස් බිම වැතිර හිස සහ මුහුණ ආවරණය කර ගන්නා ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ. පිපිරුම් තරංගය පහව ගිය පසු, ජනේල සහ බාහිර බිත්තිවලින් ඈත්ව ගොඩනැගිල්ලක අභ්‍යන්තරයේ රැඳී සිටීම අත්‍යවශ්‍ය බව එහි සඳහන් වේ.
එසේම, විකිරණශීලී දූවිලිවලට නිරාවරණය වූ පුද්ගලයින් තම සම ඇල්මැරුණු ජලය සහ සබන් යොදා පිරිසිදු කර ගත යුතු බවත්, අවම වශයෙන් පැය 24ක් යනතුරු ආරක්ෂිත ස්ථානයකින් පිටතට නොයා යුතු බවත් අවධාරණය කර ඇත. මෙම කාලය තුළ බෝතල් කළ ජලය සහ ඇසුරුම් කළ ආහාර පමණක් භාවිත කරන ලෙසත්, නිල බලධාරීන්ගෙන් උපදෙස් ලැබෙන තෙක් ඉවත් නොවන්නැයි ද දැනුම් දී තිබේ.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවැනි පූර්වාරක්ෂක පියවර රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම මගින් පවතින උණුසුම් තත්ත්වය පිළිබඳ ඉඟියක් ලබා දෙන බවයි. මෝටර් රථ ආරක්ෂිත ස්ථාන ලෙස භාවිතා නොකළ යුතු බවත්, පිටත පරිසරය නිරීක්ෂණය කිරීමට උත්සාහ නොකරන ලෙසත් ජනතාවට වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර