ගාසා තීරයේ ක්‍රියාත්මක වන යුද ගැටුම්වලට එරෙහිව සහ පලස්තීන ජනතාවට සහය පළ කරමින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ. මෙම විරෝධතාව සඳහා ලක්ෂ දෙකකට අධික ජනතාවක් එක්ව සිටි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නෙදර්ලන්ත ශාඛාව තහවුරු කරයි.
‘රතු ඉර’ (Red Line) ලෙස නම් කර තිබූ මෙම විරෝධතාවට එක්වූ පිරිස් රතු පැහැති ඇඳුමින් සැරසී සිය විරෝධය ප්‍රකාශ කළහ. ඊශ්‍රායලය සමඟ පවතින වෙළෙඳ සබඳතා සීමා කරන ලෙසත්, අවි ආයුධ අලෙවිය වහාම නතර කරන ලෙසත් ඔවුන් එරට රජයට බල කර සිටියහ.
විරෝධතාකරුවන් ඇම්ස්ටර්ඩෑම් නුවර ප්‍රධාන වීදි ඔස්සේ පා ගමනින් ගමන් කරමින් “පලස්තීනය නිදහස් කරනු” යන සටන් පාඨය හඬ නගමින් තම විරෝධය පළ කළහ. ගැටුම් සම්බන්ධයෙන් ලන්දේසි බලධාරීන් ගනු ලබන පියවර ප්‍රමාණවත් නොවන බව විරෝධතාවට එක්වූවන්ගේ අදහස විය.
මෙම විරෝධතාව හේතුවෙන් ඇම්ස්ටර්ඩෑම් නුවර කාර්යබහුල මාර්ග රැසක් රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දැමීමට සිදුවිය. ජාත්‍යන්තර මට්ටමින් පලස්තීනයට සහය පළ කරමින් පැවැත්වෙන විශාලතම විරෝධතා අතර මෙය කැපී පෙනෙන සිදුවීමක් ලෙස වාර්තා වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර