සබරගමුව පළාතේ මහජන සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, අංගසම්පූර්ණ මහජන සෞඛ්‍ය රසායනාගාරයක් ඉදිකිරීමේ කටයුතු රත්නපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ විය.
රුපියල් ලක්ෂ 1,500ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිව්මහල් ගොඩනැගිල්ලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම මධ්‍යස්ථානය හරහා පළාතේ ජනතාවට අවශ්‍ය ජලය, ආහාරපාන සහ වෛද්‍ය පරීක්ෂණ ඇතුළු විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදුකිරීමට නියමිතය.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පළමු මහල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 410ක් වෙන් කර ඇති අතර, එම ඉදිකිරීම් මෙම වසර අවසානයට පෙර නිම කිරීමට අපේක්ෂා කෙරේ. ඉතිරි මහල්වල ඉදිකිරීම් ලබන වසර තුළදී සිදු කිරීමට නියමිතය.
රසායනාගාරයට අවශ්‍ය වෛද්‍ය උපකරණවලින් බහුතරයක් දැනටමත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සතුව පවතින බව වාර්තා වේ. ඉතිරි තාක්ෂණික උපකරණ සහ පද්ධති කඩිනමින් සපයා දීමට රජය පියවර ගනිමින් සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර