ශ්‍රී ලංකාවේ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා HSBC හෝල්ඩිංග්ස් පී.එල්.සී. හි සමූහ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මෙම ආයතනය මෙරටින් ඉවත් කර ගැනීම තරුණ පරපුරේ රැකියා අවස්ථා සහ ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමට තිබූ මෙම අවස්ථාව අහිමි වීම ජාතික වශයෙන් වැදගත් කරුණක් බව ඔහු අවධාරණය කරයි.
තමා වර්තමාන ආණ්ඩුව නියෝජනය නොකළ ද, මෙම ආයෝජනය සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බව කරුණානායක මහතා පවසයි. විශේෂයෙන්ම මෙහෙයුම් පිරිවැය, පුහුණුව සහ යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්වාසදායක යෝජනාවක් සකස් කර ගැනීමට සාකච්ඡා කරන ලෙස ඔහු ආරාධනා කරයි.
රට ආර්ථික වශයෙන් දුෂ්කරතා ජය ගැනීමට උත්සාහ කරන මොහොතක, HSBC වැනි හවුල්කරුවන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත්, මෙම තීරණය ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත් වීමට පෙර ඒ පිළිබඳව යළි සලකා බැලීම වැදගත් බවත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර