2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව, රුපියල් මිලියන 13,094 ක ආදායම් හිඟයක් පවතින බැවින්, සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
එහිදී ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහල දැමීමට යෝජනා වී තිබෙනවා.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය පිළිබඳ අධ්‍යයනය කර, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව, ජනවාරි දෙවන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන බවත්, සති 06 ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර