අද (08) පස්වරුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ස්වල්ප වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමන අවස්ථා ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.
සෙසු ප්රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් ජනතාව අවධානයෙන් කටයුතු කර අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එමෙන්ම, කන්කසන්තුරෙයි සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවටද අනතුරු අඟවා ඇත.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු එම මුහුදු කලාපවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර