කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ETC (Electronic Toll Collection) ක්‍රමය භාවිත කරන රියදුරන් සඳහා විශේෂ දීමනාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සෑම ගමන් වාරයකදීම අදාළ ගාස්තුවෙන් 10%ක වට්ටමක් හිමිවන බව මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම පහසුකම භාවිත කරන්නන් සඳහා අධිවේගී මාර්ගයට ඇතුළු වීමට සහ පිටවීමට වෙන්වූ විශේෂ මංතීරු සකස් කර ඇති අතර, එමගින් රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසේ. දැනට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවල මෙම පහසුකම ක්‍රියාත්මක වේ.
ඉදිරියේදී කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා පිටත වටරවුම් මාර්ගයට පිවිසෙන වාහන සඳහා ද මෙම පහසුකම පුළුල් කිරීමට නියමිතය. ETC සේවාව සඳහා ලියාපදිංචි වීමට කැමති රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා පහසුවෙන් ලියාපදිංචි විය හැකි බව අමාත්‍යාංශය පවසයි.
ලියාපදිංචි වීමෙන් පසු ලබාගන්නා RFID Tag එක භාවිතයෙන් සහ අන්තර්ජාලය හරහා මුදල් බැර කිරීමෙන් (Top-up) බාධාවකින් තොරව ගමන් ගාස්තු ගෙවීමේ හැකියාව පවතී. ආරක්ෂිත භාවිතය සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15ක වේගයක් පවත්වා ගන්නා ලෙසත්, ඉදිරියෙන් ඇති වාහනය සමඟ මීටර් 20ක පරතරයක් තබා ගන්නා ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර