ඉරානය සහ එක්සත් ජනපදය අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජපාන රජය සිය ප්‍රසාදය පළ කර තිබේ. පවතින අර්බුදකාරී තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා දෙපාර්ශවයම දැක්වූ කැපවීම සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීම අගය කරන බව ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම එකඟතාවය කලාපීය නොසන්සුන්තා අවම කර ගැනීමටත්, සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමටත් ඉවහල් වනු ඇති බව ජපානයේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව මැදපෙරදිග කලාපයේ සාමය වෙනුවෙන් අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු කිරීමට ජපානය කැපවී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ලෝක සැපයුම් දාමයේ වැදගත් සන්ධිස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා සඳහා නිදහස් සහ ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාවය ද ජපානය මෙහිදී සිහිපත් කර ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම තුළින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු වනු ඇති බවට ජපානය අපේක්ෂා කරයි.
එමෙන්ම, ඉරානයේ න්‍යෂ්ටික ගැටලුව ඇතුළු මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් කඩිනම් අවසන් එකඟතාවයකට පැමිණීමට මෙම ගිවිසුම මග පාදනු ඇති බව ජපාන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර