ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකරනු ලබන කළු ගල් කැඩීමේ කටයුතු සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, මින් ඉදිරියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නිසි අනුමැතියකින් තොරව කිසිදු පාර්ශ්වයකට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් ගල් කැඩීම සඳහා අවසර ලබා නොදීමට තීරණය වී ඇත.
අද දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි අතර, ප්‍රදේශයේ පාරිසරික බලපෑම් සහ මහජන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
කළු ගල් කැඩීම සම්බන්ධයෙන් පවතින නීති රීති වඩාත් විධිමත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙම නව තීරණයේ අරමුණයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර