ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ ආරක්ෂාව සහ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘දිසි රැළ’ ඒකාබද්ධ වැඩසටහන අඛණ්ඩව තෙවැනි වසරටත් දියත් කෙරේ. ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
මීට පෙර බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, මෙවර නැගෙනහිර පළාත දක්වා පුළුල් කිරීමට පියවර ගෙන ඇත. සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම, මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණයි.
මෙම වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට නිරීක්ෂණ ඩ්‍රෝන යානා, විශේෂ ATVs රථ සහ මුර සංචාරක යාත්‍රා ලබා දී ඇත. මීට අමතරව, හදිසි අවස්ථාවන්හිදී දැනුම් දීම සඳහා 106 විශේෂ දුරකථන අංකය ද හඳුන්වා දී තිබේ.
වැඩසටහනේ නව අදියර යටතේ වෙරළබඩ නිරීක්ෂණ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා අතිරේක ATVs රථ 5ක් පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වේ. දෙරටේම නිලධාරීන් පෙන්වා දෙන්නේ මහජන සහභාගීත්වය සහ ප්‍රජා දැනුවත්භාවය හරහා කලාපීය සමුද්‍රීය සුරක්ෂිතතාව තහවුරු කරගත හැකි බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර