සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය ආයතන 17ක් සඳහා නව අධ්යක්ෂවරුන් පත් කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා මාතෘ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහමෝදර ශික්ෂණ රෝහල ඇතුළු ආයතන රැසක් සඳහා මෙහිදී නව පත්වීම් ලබා දෙන ලදී.
රටේ අභිවෘද්ධිය සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන ඉලක්ක කරගනිමින් පමණක් තීන්දු තීරණ ගන්නා බවත්, ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය. පසුගිය වසර එකහමාරක කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ විශ්වාසය යළි ගොඩනැගීමට රජය දැඩි කැපවීමක් කළ බව ද ඔහු සිහිපත් කළේය.
නව අධ්යක්ෂවරුන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට ලැබී ඇති ජනවරම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නංවමින් ජනතාවට උපරිම සේවාවක් ඉටු කිරීමට කැපවිය යුතු බවයි. මැතිවරණවලදී ජනතාව ලබාදුන් ඡන්දය පිළිබඳව නොසිතා, රාජ්‍ය සේවකයින් ලෙස ජනතාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින්, රෝහල් පරිපාලනය ශක්තිමත් කිරීමේදී අධ්යක්ෂවරුන් සතු වගකීම සහ කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර