දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා A, ඉන්දීය A සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රීඩක වෛභව් සූර්යවංශී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
පළමු පෙළ ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ පන්දු 11ක් පමණක් වැය කරමිනි. ඔහුගේ මෙම ඉනිම සඳහා හයේ පහර 05ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව ඉතා ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ සූර්යවංශී පන්දු 29කදී ලකුණු 94ක් ලබා සිටියදී දවා ගැනීමට සහන් ආරච්චිගේ සමත් විය.
තරගාවලියේ අවසන් මහා තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය මේ වන විට දඹුල්ලේදී ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර