පාකිස්තානයේ ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන ඇත. ඒ අනුව පැට්රල් ලීටරයක මිල රුපියල් 74 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67 කින් පහත දමා තිබේ.
මෙම මිල සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 373 ක්ව පැවති පැට්රල් ලීටරයක නව මිල රුපියල් 299 ක් දක්වාත්, රුපියල් 378 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 311 ක් දක්වාත් අඩු වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් නව අවබෝධතා ගිවිසුම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර වෙළඳාම සඳහා යළි විවෘත වීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ජනතාව දැක්වූ ඉවසීම අගය කරන බවත්, තමන් දුන් පොරොන්දු පරිදි ඉන්ධන මිල අඩු කිරීමට හැකිවීම සතුටක් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර