පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සිය දක්ෂතා යළිත් වරක් ලොවටම ප්‍රදර්ශනය කර තිබේ. ඇල්ජීරියාව සමඟ පැවති තරගයේදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ මෙසී, සිය මංගල ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කර හරියටම වසර 20ක් සපිරෙන මොහොතේ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කළේය.
සිය හයවැනි ලෝක කුසලාන තරගාවලියට එක්වෙමින් මෙසී වාර්තා පොතට එක් වූයේ ලෝක කුසලාන තරගාවලි 6කට සහභාගි වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසිනි. මීට අමතරව, ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙසද ඔහු නව වාර්තාවක් පිහිටුවීය.
මේ අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගයේදී රතු කාඩ්පත් තුනක් නිකුත් වීම හේතුවෙන් තරගාවලිය දැඩි අවධානයට ලක්ව තිබේ. මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේදී විනිසුරුවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ තරගාවලියේ නව නීති රීති අනුවය.
කේප් වර්ඩ් දූපත් පිලේ ගෝල රකින්නා වන 40 හැවිරිදි වොසින්හා ද මෙවර තරගාවලියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටී. ස්පාඤ්ඤයට එරෙහිව දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන ගණනකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
සියලු බාධක මැද තරගාවලියට එක්වූ ඉරාන කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ගෝල 2-2ක් ලෙස තරගය සම කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, දේශපාලනික හේතූන් මත ඔවුන්ට තරගයෙන් පසු වහාම අමෙරිකානු භූමියෙන් පිටව යාමට සිදුවීම තරගාවලියේ කතාබහට ලක්වූ තවත් සිදුවීමකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර