පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබූ, නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී විනාශ කරන ලදී.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරුණු අතර, විනාශ කිරීම සඳහා නියමිත මත්ද්‍රව්‍ය තොගය මීගමුව අධිකරණ භූමියේ සිට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ලැක්ටෝවත්ත වෙත රැගෙන එනු ලැබීය.
මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහය ලබා ගෙන තිබූ අතර, ලැක්ටෝවත්තේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුනක් භාවිතයෙන් මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදු විය.
විනාශ කරන ලද මත්ද්‍රව්‍ය අතරට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13කට අධික ප්‍රමාණයක්, කුෂ් කිලෝ 39ක්, කොකේන් කිලෝ 2ක් සහ මැන්ඩි කිලෝ 1කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ. මීට අමතරව හෙරොයින්, ගංජා, හෂීස් සහ මත්පෙති 26,262ක් ද මෙලෙස විනාශ කිරීමට පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර