මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID) ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නිල වශයෙන් නම් කර ඇත.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙරට රෝහලකට මෙවැනි ජාත්‍යන්තර ගෞරවයක් හිමිවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දශක ගණනාවක් පුරා රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ පර්යේෂකයන් සිදුකළ කැපවීම සහ සායනික සේවාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිගැනීම ලැබී ඇති බවයි. ඩෙංගු රෝගය බස්නාහිර පළාත ඇතුළු රට පුරා අභියෝගයක්ව පවතින මොහොතක, මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම අතිශය කාලෝචිත පියවරක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සහයෝගිතා මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාවට පමණක් නොව, කලාපයේ අනෙකුත් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ද ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ උසස් පුහුණුවක් සහ පර්යේෂණ අවස්ථා ලබා දීමට හැකියාව ලැබේ. මීට පෙර බංගලාදේශය, නේපාලය සහ භූතානය වැනි රටවලට ද රෝහල මගින් සිය දැනුම බෙදා දී ඇත.
2026 අප්‍රේල් සිට 2030 අප්‍රේල් දක්වා වසර හතරක කාලයක් සඳහා මෙම ගෞරවය හිමිව ඇති අතර, ඉදිරි කාලසීමාව තුළ රෝගීන්ගේ ජීවිත සුරැකීම සහ සායනික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර