රත්ගම, බෝපගොඩ ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස මවක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ. ඇය මෙලෙස මියගොස් ඇත්තේ කොස් ඇට එකතු කිරීමට ගිය අවස්ථාවේදී කොස් ගසකින් හිසට කොස් පොකුරක් කඩා වැටීම හේතුවෙනි.
මියගිය කාන්තාව 65 හැවිරිදි දෙදරු මවකි. ඇය කොස් ඇට එකතු කිරීම සඳහා භාජනයක් ද රැගෙන ගස අසලට ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී ගස අසල ඉදුණු වැල ගෙඩියක් සහ තවත් කොස් ගෙඩි කිහිපයක් තිබී හමුවී ඇත.
නිවසේ සිටි මියගිය අයගේ ලේලිය පවසන පරිදි, ඇය රෙදි වේලීමට ගිය අවස්ථාවේදී මව මිදුලේ වැටී සිටිනු දැක අසල්වාසීන්ගේ සහාය ඇතිව වහාම රත්ගම රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
ගාල්ල ජාතික රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, හිසට සහ කොඳු ඇට පෙළට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර