බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසා ඇත්තේ, තමන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම වී තිබුණද මෙම වසර අවසන් වීමට පෙර නැවත ඩකා නුවර බලා යන බවයි. ඇය මේ බව සඳහන් කළේ මෑතකදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
දැනට 78 වැනි වියේ පසුවන හසීනා, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇති වූ දැවැන්ත ජනතා විරෝධතා හමුවේ ඉන්දියාවට පලා ගියාය. තමන්ට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග දේශපාලන අරමුණු මත පදනම් වූවක් බවත්, තමන් මරණයට බිය නොවන බවත් ඇය අවධාරණය කරයි.
පසුගිය නොවැම්බර් මාසයේදී ඩකා නුවර අධිකරණයක් විසින් ෂෙයික් හසීනාට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවේ ප්රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල දීම සහ ඝාතන නියෝග ලබාදීම වැනි චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි. ඇය නායකත්වය දුන් අවාමි ලීගය පක්ෂයද මේ වන විට බංග්ලාදේශය තුළ තහනමට ලක්ව ඇත.
තම දේශපාලන ගමන් මඟ සහ රටේ සංවර්ධනය වෙනුවෙන් තමන් ඉටු කළ කාර්යභාරය සිහිපත් කරමින් ඇය පවසා සිටියේ, සියලු බාධක මධ්‍යයේ වුවද නැවත සිය රටට පැමිණීම තම අරමුණ බවයි. කෙසේ වෙතත්, ඇය නැවත භාරදීම සම්බන්ධයෙන් බංග්ලාදේශ බලධාරීන් ඉල්ලීම් කරමින් සිටින පසුබිමක, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යම් ආතතියක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර