අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ බුදු දහම මෙරට ස්ථාපිත වීම සිහිපත් කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදට (29) යෙදී තිබේ. මේ නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලේ ඇතුළු දිවයිනේ පුදබිම් රැසක ආගමික වතාවත් සිදු කෙරේ.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් පහළොස් ලක්ෂයකට අධික පිරිසකට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. බැතිමතුන් වෙනුවෙන් දන්සල් හත්සියයකට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති අතර, අනුරාධපුර සිට මිහින්තලය දක්වා දින තුනක් නොමිලේ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥානතිලක නාහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පූජනීය ස්ථානවල පාරිශුද්ධත්වය රැකගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙසයි. විශේෂයෙන්ම පරිසරය සුරැකීම සහ සත්ව හිංසනයෙන් තොර සමාජයක් උදෙසා කැපවීමේ වැදගත්කම උන්වහන්සේ සිහිපත් කළහ.
බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් 3500කට අධික පිරිසක් යොදවා තිබේ. තවද, නගරයේ ඩෙංගු අවදානම පාලනය කර ඇති බවත්, බැතිමතුන් පරිසරයට ප්ලාස්ටික් හා පොලිතින් බැහැර කිරීමෙන් වළකින ලෙසත් අනුරාධපුර නගරාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර