ඉදිරි මාස හයක කාලසීමාව තුළ ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුව නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම පිරිවැය කළමනාකරණය කරගැනීමට හැකි වීම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නොනගින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දෙමින් ඉදිරි මාස හය සඳහා දැනට පවතින ජල ගාස්තු ක්රමයම අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර