“ෂී ජින්පිං – චීන පාලනතන්ත්‍රය” නමැති ග්රන්ථ මාලාවේ 5වැනි වෙළුම එළිදැක්වීමේ උත්සවය කොළඹ දී අද (03) පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ නවීකරණ ක්‍රියාවලිය තුළ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම උත්සවයේ මූලික අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
චීන ලක්ෂණ සහිත සමාජවාදය සහ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නවතම න්‍යායාත්මක ජයග්‍රහණ මෙම කෘතිය මගින් ක්‍රමවත්ව ඉදිරිපත් කර ඇත. චීනයේ ආණ්ඩුකරණය, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙහි අන්තර්ගත බව උත්සවයට එක්වූවෝ පෙන්වා දුන්හ.
එහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “එක් තීරයක්, එක් මාවතක්” සංකල්පය ඔස්සේ උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා යාමේදී චීනය සමග සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ ගෝලීය සමෘද්ධිය වෙනුවෙන් චීනය දරන උත්සාහය පිළිබඳව ද මෙම ග්‍රන්ථය මගින් පුළුල් අවබෝධයක් ලබා දෙන බව උත්සවයේ දී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර