මානව ජාවාරම් මැඩලීම සඳහා වූ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පවත්වමින් කුරුණෑගල දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. මෙය දිවයිනේ මෙවැනි සංසදයක් ස්ථාපිත කළ සිව්වන දිස්ත්‍රික්කය වේ.
මීට පෙර කළුතර, ත්‍රිකුණාමලය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. 2026-2030 කාලසීමාව සඳහා වන මානව ජාවාරම් මැඩලීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙම සංසදයේ මූලික අරමුණ වන්නේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් මානව ජාවාරම් වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම වින්දිතයන් කඩිනමින් හඳුනා ගැනීම සහ ඔවුන් යොමු කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකායේ ලේකම් නීතිඥ ප්‍රියංගනී හේවාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්, කාන්තා හා ළමා සංවර්ධන නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර