දිවයින පුරා විසිරී පවතින ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 1000ක් සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහන හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතියට සමගාමීව ‘පුරාවිද්‍යා දෙසතියක්’ ද ප්‍රකාශයට පත් කර ඇති බවයි. මෙරට උරුමය සුරැකීම සඳහා කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ තෝරාගත් ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමේ ක්‍රියාවලියට මහජනතාවගේ දායකත්වය ලබාගැනීම සඳහා අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ‘ප්‍රජා සංරක්ෂණ කමිටු’ පිහිටුවීමට ද පියවර ගෙන ඇත.
ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් කෙරෙන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර