චීනයේ බටහිර ගන්සු පළාතේ කඳුකර ප්‍රදේශයක හදිසියේ ඇතිවූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු පස් කන්දක් යට සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 33 දෙනෙකු එහි සිරවී සිටි අතර, ඉන් 17 දෙනෙකු මේ වන විට සාර්ථකව මුදාගෙන තිබේ.
මෙම ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා උපදෙස් ලබා දී ඇත්තේ, සිරවී සිටින පිරිස බේරා ගැනීම සඳහා පවතින සියලුම සම්පත් යොදා ගනිමින් කඩිනම් මෙහෙයුම් දියත් කරන ලෙසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චීනයේ ප්‍රදේශ රැසකට දැඩි ගිගුරුම් සහිත වැසි සහ කුණාටු බලපා තිබේ. නායයෑමට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති වුවද, ඉදිරි පැය 24 තුළ තවත් ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ අතර, චීනයේ මධ්‍යම හුබෙයි පළාතට බලපෑ දැඩි කුණාටු තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. පැයට කිලෝමීටර් 149ක වේගයෙන් හමා ගිය සුළං හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, ඉදිරියේදී ඇතිවිය හැකි අධික වර්ෂාපතනය හේතුවෙන් තවත් ප්‍රදේශවල නායයෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එසේම, කලාපය හරහා ගමන් කරන සුළි කුණාටු පිළිබඳවද බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර